27 C
Colombo
04/10/2024

රජිනිකාන්ත් දේශපාලනයට – 2021 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයටත් තරග වදී

Share with your friends :

සුප්‍රසිද්ධ දකුණු ඉන්දියානු නළු රජිනි කාන්ත් ලබන වසරේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා නව දේශපාලන පක්ෂයක් 2021 වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කරන බවද රජිනිකාන්ත් ප්‍රකාශ කර ඇත.
තම පක්ෂය දුෂණ වංචා වලින් තොර අවංක විනිවිද භාවය ඇති දේශපාලන පක්ෂයක් බවද රජිනිකාන්ත් ප්‍රකාශ කළේය.
තමන් තමිල්නාඩු ප්‍රාන්තයේ සැබෑ වෙනසක් ඇතිකරන බව පැවසු රාජිනි කාන්ත් තමන්ගේ ජයග්‍රහණය ස්ථිර බවද එය ජනතා ජයග්‍රහණයක් බවද යම් ලෙසකින් තමන් පරාජය ලැබුවහොත් එය ජනතාව ලබන පරාජයක් බවද පැවසීය.
70 හැවිරිදි රජිනිකාන්ත් 46 වසරක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ අතිශය දැවැන්ත නළුවෙකි. තමිල්නාඩු දේශපාලනය පසුගිය කාලය පුරා ජනප්‍රිය සිනමා චරිත ගණනාවකින් යුක්ත විය.
C.N.අන්නදුරෙයි,කරුණානිධි, M.G.රාමචන්ද්‍රන්, ජයලලිතා ජෙයරාම්,සිවාජි ගනේෂන් ආදී දේශපාලනඥයන් රැසක්ම බිහිකළේ තමිල්නාඩු සිනමාවය.

Share with your friends :