මෙරට පාම් ඔයිල් ශාඛ වගාව නතර කරන්නට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නොතකා හරිමින් දිගින් දිගටම ඇතැම් සමාගම් එම පැල සිටුවීම කරගෙන යන බවට පරිසරවේදීහු පවසති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පසුගිය රාජාසන කතාවේද ඒ බව ප්‍රකාශ කරන ලදී. එසේ තිඔබියදීත් මෙරට පාම් ඔයිල් ශාඛ වගාව දිගටම කරගෙන යන්නේ ප්‍රධාන පෙලේ සමාගම් කීපයකි. පාම් ඔයිල් ශරීර සෞඛ්‍යට අහිතකර බවට චෝදනා නැගෙන අතර මෙරට පිළිකා වැඩිවීමටද පාම් ඔයිල් භාවිතය බලපා ඇති බවට චෝදනා පවතී.
ඊට අමතරව පාම් ඔයිල් ශාඛ වගාව නිසා අදාල ප්‍රදේශවල පස් නිසරු වන බවටත් ජල මුලාශ්‍ර සිඳී යන බවටත් ජනතාව චෝදනා නගති.