27 C
Colombo
04/10/2024

ලොව පුරා කොරෝනා මරණ වල ශීග්‍ර ඉහළයාමක්

Share with your friends :

පසුගිය පැය 24 ක කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 2918 ක් වාර්තාවී තිබේ.එම කාලය තුල එරටින් වාර්තාවී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 218,576 කි. මෙම ප්‍රමාණයන් ඇමරිකාවෙන් එක දිනක් තුල වාර්තාවූ වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවන් වේ. මේ වන විට කොරෝනා රෝගයෙන් ඇමරිකානුවන් 282829 ක් මිය ගොස් තිබේ.
එසේම පසුගිය පැය 24 ක කාලය තුල ඉතාලියෙන් මරණ 993 ක්ද ,මෙක්සිකෝවෙන් මරණ 800 ක්ද , බ්‍රසීලයෙන් මරණ 776 ක්ද , පොලන්තයේද මරණ 620 ක්ද,රුසියාවෙන් මරණ 554 ක්ද වාර්තාවී තිබේ.
පසුගිය පැය 24 තුල ලොව පුරා කොරෝනා මරණ 12684 ක් සිදුවී ඇති අතර නව ආසාදිතයන් සංඛ්‍යාව 679375 කි.

Share with your friends :