27 C
Colombo
04/10/2024

EDB ලාංඡනය වෙනස් කර සභාපති ඉල්ලා අස්වෙයි.

Share with your friends :

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
ඉකුත් වස‌ෙර් දෙසැම්බර් මාසයේ එම තනතුරට පත්වූ ප්‍රභාෂ් සුබසිංහ මහතා පුද්ගලික හේතුමත එම තනතුරින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවකයන් පවසන්නේ ඔහුගේ සේවා කාලය තුල සිදුවූ ප්‍රධනතම කටයුත්ත වුයේ වසර 42 ක් පැරණි මණ්ඩලයේ නිල ලාංඡනය (Logo) වෙනස් කිරීම පමණක් බවයි. අපනයන වර්ධනය සඳහා බව පවසමින් මෙසේ නිල ලාංඡනය වෙනස් කිරීමට මණ්ඩලයේ සේවකයන් බොහෝදෙනෙකු විරෝධය පල කර තිබුනි.
ප්‍රභාෂ් සුබසිංහ මහතා ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර මිට අමතරව ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන්නේද ඔහුය.

Share with your friends :