27 C
Colombo
04/10/2024

”බුරවී” සුළි කුණාටුව හේතුවෙන් පවුල් 3,575ක පුද්ගලයන් 12,252ක් අවතැන්

Share with your friends :

”බුරවී” සුළි කුණාටුව හේතුවෙන් පවුල් 3,575කට අයත් පුද්ගලයන් 12,252ක් ආපදා තත්ත්වයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, උතුරු පළාතේ මන්නාරම, යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි පවුල් 3,554ක පුද්ගලයන් 12,252ක් ද, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් පවුල් 21ක පුද්ගලයින් 91 ක් ද මෙලෙස බලපෑමට ලක්ව තිබේ.
“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර චුන්නාකම් ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 06ක්, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 152ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස 09ක් මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාසයක් හා වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 05ක් වශයෙන් උතුරු පළාත තුළ නිවාස 173කට අර්ධ හානි සිදුවී තිබේ.
යාපනය දිස්ත්‍රික්ක‍යේ නිවාස 15කට පූර්ණහානි සිදුවී ඇත. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පිහිටි නිවාස 19කට ද අර්ධ හානි සිදුවී ඇති අතර සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්හි අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 192ක් වේ.මීට අමතරව උතුරු පළාත තුළ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථාන 09ක් ද හානියට පත්ව ඇත.

Share with your friends :