27 C
Colombo
19/01/2025

“බුරවි“ සුළි කුණාටුවෙන් බරපතල හානි නෑ

Share with your friends :

“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ද ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බවද
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එක් පුද්ගල මරණයක් ආපදා තත්ත්වයෙන් වාර්තා වී තිබේ.
විශාල දේපල හානි වාර්තා වී නැති අතර ගස් කඩා වැටීම් හා මාර්ග අවහිරතා පිළිබඳ වාර්තා වී තිබේ.
මේ අතර සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්‍රදේශවලට දැඩි සුළං සහිත වර්ෂාපතනයක් ඇති විය..
සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකිය. එමෙන්ම වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවද කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Share with your friends :