බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කීපය තුල විදේශ ගත වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් ඉවත් කර තිබේ.ජනාධිපති ගෝඨාභය මහතා විසින් පත් කර ඇති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්‍ය් සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බැවින් එහි රාජකාරිකාරිමය කටයුතු සදහා තම සේවාදායකයාට විදේශ ගත විමටසිදු වන හෙයින් මෙම නඩුවට අදාළ විදේශ ගත වීමේ තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරරත්න මහතා මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමින් මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
previous post