27 C
Colombo
24/11/2024

දරුවෙක් පාසලට දාන්න විදුහල්පතිනියක් ලක්ෂ එකහමාරක් අරගෙන

Share with your friends :

ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2021 වසර සඳහා පළමු වසරට ළමයෙක් ඇතුළත් කිරීම සඳහා ඇය එම මුදල ලබා ගනිද්දී අද ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට අදාළ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් එම විදුහල්පතිනිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Share with your friends :