27 C
Colombo
24/11/2024

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ICTA සභාපති ජයන්ත ද සිල්වා පත් කෙරේ

Share with your friends :

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ලද නව අමාත්‍යාංශයක් වන තාක්ෂණ අමාත්‍යංශය මෙරට ඉදිරි තාක්ෂණ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්නා ප්‍රධානතම ආයතනය වනු ඇත.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා සර්ට්, ශ්‍රී ලංකා ටෙලිකොම්, කාර්මික පුහුණු ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන, ශ්‍රී ලංකා ප්‍රමිති ඇතුළු ආයතන දහයක් මෙම අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලැබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවද මිට අයත් ආයතනයකි.

Share with your friends :