මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියෙකු මියගොස් තිබේ.එම ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 109 දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වන අතර සෙසු පිරිස රැඳෙවියන් ය.
මේ වන විට එම ගැටුමෙන් රැඳෙවියන් නව දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පිරිසෙන් පස් දෙනෙකු දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳෙවියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනයවී තිබේ.
