මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මසිරි නැමැත්තා ඩුබායි රටේ සැඟව සිටිය දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල-ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහුය. 2018 මැයි 24 වැනිදා රන්ජන් ද සිල්වා ඝාතනයට ලක්විය.

next post