27 C
Colombo
24/11/2024

ඥාතීන් ප්‍රතික්ෂේප කළ කොරෝනා මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්

Share with your friends :

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ.
එවැනි මියගිය අයගේ මළ සිරුරු කිහිපයක් මේ වන විටත් රජයේ රෝහල්වල මෘත ශරීරාගාරවල තබා තිබේ. විවිධ කරුණු හේතුවෙන් එම මල සිරුරු ආදාහනය සඳහා මුදල් ගෙවීම අදාළ අයගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එවැනි මළ සිරුරු වහාම සෞඛ්‍ය හා නීති උපදෙස්වලට අනුකූලව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන්නටද මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දීමටද රජය තීරණය කර තිබේ.

Share with your friends :