27 C
Colombo
19/01/2025

ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයාගේ ඝාතනයත් සමග ප්‍රභූ ආරක්ෂාවට රතු එළියක්

Share with your friends :

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප්‍රධානියා වන මොශෙන් ෆකිරාසේද් පසුගියදා ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කරන ලද්දේ දුරස්ථ පාලකයකින් හෙවත් රිමෝට් කන්ට්‍රෝල් උපකරණයක් මගින් මෙහෙයවන ලද නවීනතම මෙෂින් තුවක්කුවකින් බව මේ වන අනාවරණය වී තිබේ. ඒ අනුව මේ වන විට ලොව පුරා රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රධාන පෙලේ පුද්ගලයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවදානමක් ඇතිවී තිබේ. ආරක්ෂක අංශ විසින් කවර ආකාරයේ ආරක්ෂක ක්‍රමවේද භාවිතකලද දුරස්ථපාලන ක්‍රමවේදවලින් පාලනය කෙරෙන මෙෂින් තුවක්කු ප්‍රහාර වලින් බේරීම පහසු කටයුත්තක් නොවේ. ඉරානය චෝදනා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අඩපණ කිරීමේ අරමුණින් බටහිර රටවල අවශ්‍යතාව මත ඊශ්‍රායල් බුද්ධි අංශ විසින් මෙම ඝාතනය සිදු කල බවයි.
මොශෙන් ෆකිරාසේද් ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙලේ පියා ලෙසට ඇතැම් බටහිර තානාපති නිලධාරීන් විසින් මීට පෙර හඳුන්වා තිබිණි.
.

Share with your friends :