මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 11 ක් වේ. ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 107 කි. තුවාල ලැබූ පිරිසෙන් තවත් කීපදෙනෙකු දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රැඳෙවියන් 38 දෙනෙකුට කොරෝනා ආසාදනයවී තිබේ.