මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය කල දමා තිබේ. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මස 18 දා සිට 27 දක්වා පැවැත්වීමට කලින් නියම කර තිබිණි.
කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමීම හා නිසි පරිදි විෂය නිර්දේශ ආවරණය කල නොහැකිවීම මීට හේතුවී තිබේ.
දැනට රටේ පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
කෙසේවෙතත් රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බැලෙන අතර ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින දරුවන්ට එයට සුදානම් වීමට අවශ්‍ය කාලය ලබා දෙමින් සති 6කට පෙර විභාග දිනය ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.