27 C
Colombo
24/11/2024

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය ගැන සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Share with your friends :

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම ස්වාධීන කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව දහසකට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මහර බන්ධනාගාරය තුළ 183 දෙනෙකුගෙන් යුත් කොවිඩ් පොකුරක් නිර්මාණය වූ ආකාරය ද විමර්ශනය කර ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වහාම පියවර ගතයුතු බවත් රට තුළ අනෙකුත් ඕනෑම තැනක මෙන්ම බන්ධනාගාර තුළත් සිටින ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

Share with your friends :