27 C
Colombo
24/11/2024

කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය සුදර්ශනීට

Share with your friends :

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.
වෘත්තීයමය වශයෙන් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන ඇය රාජ්‍ය සේවයේ වසර ගණනාවක වෘත්තීය අත්දැකීම් ලැබූ තැනැත්තියකි. දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ බිරිඳ වන ඇය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳ පුළුල් අත්දැකීම් ඇති වෛද්‍යවරියකි. ආණ්ඩුව ගත් මෙම තීරණය මෙරට කොරෝනා මර්ධනය සඳහා මෙතෙක් යම් සාධනීය පියවරක් බව සෞඛ්‍ය වෘත්තිකයෝ පවසති.
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කල අයෙකි.

Share with your friends :