27 C
Colombo
18/01/2025

සවුදි අරාබියේ රැකියා සදහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම ආරම්භ කෙරේ

Share with your friends :

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම යලි ආරම්භ කෙරේ. පළමු කණ්ඩායමේ 60 දෙනෙකු සවුදි රාජ්‍යය බලා පිටත්ව ගිය අතර තවත් 120 දෙනෙකු ඉදිරි දින කීපය තුල පිටත් වීමට නියමිතය. සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙම ශ්‍රමික පිරිස පිටත්ව ගියහ.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපළ විවිධාංගිකරණ ඇමති පිංයකර ජයරත්න මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රැකියා නියෝජිතයින්ට පැවති ගැටළු නිරාකරණය කිරීමෙන් පසු මෙම ශ්‍රමික පිරිසට සවුදි රාජ්‍යය බලා රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව උදාවිය. රැකියා නියෝජිතයින් වැඩි වැඩියෙන් ලාංකික ශ්‍රමිකයින් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, එහිදී පැන නගින ගැටළු රජයේ මැදිහත්වීමෙන් නිරාකරණය කරන බවට ලබාදුන් පොරොන්දු අනුව යමින් විදේශ රැකියා ක්ෂේත්‍රය නැවත පණගැන්වීමට මේ වන විට රැකියා නියෝජිතායතන ක්‍රියාමාර්ග ගනිමින් සිටිති.

Share with your friends :