27 C
Colombo
18/01/2025

මහර බන්ධනාගාර ගැටුමින් අටක් මරුට – 43 කට තුවාල

Share with your friends :

මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් මේ වන විට අට දෙනෙකු මිය ගොස් තිබේ. එම නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය හය දෙනෙකුගේ සිරුරු අද උදෑසන වන විට වන විට රෝහලේ ඇතිබවත් තුවාල ලැබූ රැඳවියන් 43 දෙනෙක් ද රෝහලට ඇතුලත් කර ඇති බවත් රාගම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා මීට පෙර පවසා තිබිණි. තුවාල ලැබූ කීපදෙනෙකුගේ තත්වය බරපතල බවද පැවසේ. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇතැයි පැවසේ.
මේ අතර මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බවත් එක් පිරිසක් එහි ගිනි තැබීමක් ද කර ඇති බව වාර්තා වන බවද ඇමතිවරිය පැවසුවාය. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාව විසින් ගිනි නිවීමේ රථ හයක් යෙදවූ බව පැවසේ.මේ අතර මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත් කර ඇත.
මෙම නොසන්සුන් තත්වය මුලින්ම හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී බව පොලීසිය පවසයි. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දැනට තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා නාවික හමුදාවද කැඳවා ඇත.

Share with your friends :