මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුනකාරී තත්වයක් හේතුවෙන් රැඳවියකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.නොසන්සුන් තත්වය හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදී බව පොලීසිය පවසයි. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දැනට තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට කටයුතු කර ඇත.තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර ඇත. කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබේ. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා ඇත.මේ අතර සිදුවීමෙන් තමන්ගේ ඥාතීන්ට සිදුවී ඇත්තේ කුමක්ද යන්න විමසමින් බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීහු පිරිසක් ප්‍රධාන දොරටුව අසළ කලබල කරමින් සිටිති. මේ අතර බන්ධනාගාරය තුල සුළු ගින්නක්ද හට ගෙන ඇති අතර ගිනි නිවන හමුදාවද කැඳවා ඇත. එහෙත් තවමත් ඔවුන් බන්ධනාගාරය තුලට පිවිස නොමැත.