ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප්‍රධානියා වන මොශෙන් ෆකිරාසේද් ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර තිබේ.
ඉරානය චෝදනා කරන්නේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අඩපණ කිරීමේ අරමුණින් බටහිර රටවල බුද්ධි අංශ විසින් මෙම ඝාතනය සිදු කල බවයි.
මොශෙන් ෆකිරාසේද් ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙලේ පිය ලෙසට ඇතැම් බටහිර තානාපති නිලධාරීන් විසින් මීට පෙර හඳුන්වා තිබිණි.
මොශෙන් ෆකිරාසේද් රැගත් වාහනයට ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව ප්‍රහාරකයන් හා එහි සිටි ආරක්ෂක නිලධාරීන් අතර දරුණු සටනක් ඇතිවී තිබේ. ප්‍රහාරයෙන් දරුණු තුවාල ලැබූ මොශෙන් ෆකිරාසේද් රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.