27 C
Colombo
18/01/2025

තුර්කි හමුදා කුමන්ත්‍රණයට තවත් 337ක් දිවි ඇතිතෙක් සිරගෙට – ලක්ෂයක් සේවයෙන් ඉවතට

Share with your friends :

2016 වසරේ තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ 337 දෙනෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දී තිබේ.
තුර්කි ජනාධිපති රෙසේප් එර්ඩෝගෑන් බලයෙන් පහ කිරීම සඳහා සිදු කල මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හමුදා ප්‍රධානීන් හා ගුවන් හමුදා නියමුවන් ඇතුළු විශාල පිරිසක් චෝදනා ලබා සිටිති.
තුර්කියේ ඇන්කාරා නගරය ආසන්නයේ අකින්සි ගුවන් කඳවුරේ සිට මෙම හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ බව පැවසේ. ඒ වන විට ජනාධිපති රෙසේප් එර්ඩෝගෑන් නිවාඩු නිකේතනයක විවේකයක් ගත කිරීමින් සිටියේය.
හමුදා කුමන්ත්‍රණයෙන් 251 දෙනෙකු මිය ගිය අතර 2000 කට වැඩිපිරිසක් තුවාල ලැබුහ.ඒ හමුදා කුමන්ත්‍රණයත් සමග මහමගට පැමිණි රෙසේප් එර්ඩෝගෑන්ගේ ආධාරකරුවන් හා හමුදා භටයන් අතර ඇතිවූ ගැටුම හේතුවෙනි.
මේ සම්බන්ධ නඩු විභාගය 2017 දී ආරම්භ විය.මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2500 කට අධික පිරිසකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදී තිබේ. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා නගමින් විසුරුවරුන් , ආචාර්යවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

Share with your friends :