කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් තිබේ.
කොළඹ ගාලු මුවදොර පිටියේ උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
පසුව ස්ථානාධිපතිවරයාගේ දේහය PCR පරීක්ෂණයකට ලක් කල අතර ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.