27 C
Colombo
18/01/2025

ඕස්ට්‍රේලියානු ආචාර්යවරිය නිදහස් කරගන්න ඉරාන සිරකරුවන් තිදෙනෙක් මුදාහැරලා

Share with your friends :

ඉරානය විසින් සිරගත කර සිටි ආචාර්ය කීලී මුවර් ගිල්බට් නිදහස් කර තිබේ.
ඔත්තු බැලු බවට චෝදනා කරමින් ඇය ඉරානය විසින් දස වසරක සිර දඬුවම් නියම කර තිබු අතර අවසානයේ ඇය නිදහස් කලේ ලොව වෙනත් රටවල සිරගත කර සිටි ඉරාන ව්‍යාපාරිකයකු හා තවත් ඉරාන ජාතිකයන් දෙදෙනෙකු නිදහස් කිරීමේ කොන්දේසි යටතේ සිරකරුවන් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක් අනුවය. ඇය වෙනුවෙන් නිදහස් කෙරුණු ඉරාන් ජාතිකයන් තිදෙනා සම්බන්ධ තොරතුරු තවමත් හෙළිවී නැත.
බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසිභාවය ඇති ආචාර්ය කීලී මුවර් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සරසවියේ ආචාර්යවරියක වූ අතර 2018 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉරානය විසින් රඳවා ගෙන තිබිණි.ඇයට එරෙහි චෝදනා ඇය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලද අතර ලොව පුරා රටවල් රැසක් හා ජාත්‍යන්තර සංවිධාන ගනනාවක් ඇගේ නිදහස වෙනුවෙන් කටයුතු කළහ.
ඔත්තු බැලු බවට අභූත චෝදනා එල්ල කරමින් විදෙස් පුරවැසියන් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉරානය වෙත බටහිර රටවලින් චෝදනා ගනනාවක් එල්ලවී තිබේ.

Share with your friends :