27 C
Colombo
18/01/2025

ශ්‍රීලංකා ටෙලිකොම් සේවකයන්ටත් 60 න් විශ්‍රාම යාමේ අවස්ථාව ඉල්ලයි

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සේවකයන්ටද මෙවර අයවැය යෝජනාවල සඳහන් වසර හැටෙන් විශ්‍රාම යාමේ අවස්ථාව ලබා දෙන ලෙස එහි සේවක වෘත්තීය සමිති පාලනාධිකාරයෙන් ඉල්ලා ඇත.
සියයකට පනහකට වඩා රජයේ කොටස් ඇති ශ්‍රීලංකා ටෙලිකොම් සමගම රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවට පවසන වෘත්තීය සමිති දැනට සමාගමේ ඇති ක්‍රමවේදය අනුව ඒ සඳහා වයස අවුරුදු 55 සම්පුර්න කල සේවකයන් වසරකට වරක් ඉල්ලුම් කල යුතු බවද පෙන්වා දෙති.
මෙම ඉල්ලීම ඉංජිනේරු හා සියලුම වෘත්තීය සමිති විසින්ද පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිද සිදුකර තිබේ.
ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ වර්තමාන සභාපතිවරයා අවංක චේතනාවෙන් ආයතනය යලි නගා සිටුවීම සඳහා කටයුතු කරමින් සිටින අතර කාලයක් තිස්සේ එහි ප්‍රධාන තනතුරුවල සිටින දුෂිත නිලධාරීන් ආයතනයේ දියුණුවට බාධා කරමින් විවිධ දුෂණ ක්‍රියා වල යෙදෙන බවටද වෘත්තීය සමිති චෝදනා කරයි.

Share with your friends :