27 C
Colombo
18/01/2025

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා මිය යයි

Share with your friends :

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයකු වන ඩියාගෝ මැරඩෝනා මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 60 වන වියෙහි පසු විය. 1986 දී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරමින් එම වසරේ ලෝක පාපන්දු කිරුල ආර්ජන්ටිනාවට ලබා දීමට ඔහු මුලික විය. ආර්ජන්ටිනාව වෙනුවෙන් සිවු වරක් ලෝක පාපන්දු ශුරතාවලියන් සඳහා තරග කල ඔහු එම තරග 91 කදී ආර්ජන්ටිනාව නියෝජනය කරමින් ගෝල 34 ක් ලබා ගත්තේය.
1990 දී ලෝක පාපන්දු ශුරතාවලියේ අවසන් මහා තරගයේදී ඔහුගේ නායකත්වයෙන් යුතු වූ ආර්ජන්ටිනාව බටහිර ජරමනියට පරාජය විය.ඉන්පසු මත ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ මැරඩෝනා 1997 දී එනම් වයස අවුරුදු 37 දී ජාත්‍යන්තර තරග වලින් සමුගත්තේය. 2008 දී ඔහු ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කරන ලද අතර පසුව 2010 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පුරව තරගයෙන් ජර්මනියට , ආර්ජන්ටිනාව පරාජය වීමෙන් පසු එම තනතුරින් ඉවත් විය. ශ්‍රීලාංකික ක්‍රීඩාලෝලීන් අතරද මැරඩෝනා අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙකි.

Share with your friends :