සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් මීට පෙර ඉල්ලා තිබිණි.
ඉංජිනේරුවරයා විසින් සිදු කල මෙම පහරදීම ජංගම දුරකතනයක් මගින් පටිගත කර තිබු අතර එය මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ රටපුරා ප්‍රචාරය විය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය.
නුවර පාර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. ලලිත් සිරිසුමන නැමති ඉංජිනේරුවරයා මෙසේ ඇප මත මුදාහරින ලෙස නියම කෙරුණි .
ඇප නියම වූ සැකකරුට නැවත ලබන ජනවාරි මස 27 වෙනිදා ට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් වැඩ්දුරටත් නියම කෙරුණි.
previous post