27 C
Colombo
19/01/2025

කුවේට් ආර්ථිකය අනතුරේ

Share with your friends :

ලොව ධනවත්ම රටවලින් එකක් වන කුවේට් රාජ්‍යයේ ආර්ථිකය බිඳ වැටී තිබේ. එය ඉතිහාසයේ පළමු වරට තම ආදායමෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය නොහැකි මට්ටමට පත්ව තිබේ. දිගින් දිගටම කොරෝනා හේතුවෙන් රට වසා දැමීම හා ලෝක ඉන්ධන මිල පහල යාම මේ තත්වයට බලපා තිබේ.
මහජනතාව සඳහා විශාල වශයෙන් සහනාධාර ලබා දෙන රටක් වන කුවේට් රාජ්‍යයේ පෙට්‍රල් මිල හා විදුලිබල ගාස්තු ඉතාම අඩු මට්ටමක පවතී. එසේම සෞඛ්‍ය හා අධ්‍යාපනයද නොමිලේය. කෙසේ වෙතත් කුවේට් රාජ්‍යය සතුව විශාල අරමුදල් ලොව ප්‍රධාන රටවල ඇතත් ඒවා එක්වරම රටේ එදිනෙදා කටයුතු සඳහා යොදවා ගත නොහැකිවී තිබේ.
ශ්‍රී ලාංකිකයන් දහස් ගනනක් කුවේට් රාජ්‍යයේ රැකියා කරති.

Share with your friends :