මෙවර විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් සඳහා රාජ්‍ය බැංකු මගින් ණය යෝජනා ක්‍රමයක් යටතේ පරිගණක ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙවර විශ්ව විද්‍යාලවලට බඳවාගැනීම් කටයුතු ද අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරේ.
මේ අතර විශ්ව විද්‍යාල සිසුන්ගේ ඉදිරි විභාග අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමටද නියමිතව තිබේ.
මෙවර බඳවාගන්නා සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි හා තාක්ෂණ විෂයන් ඉගැන්වීම දෙසැම්බර් මුල සිට ආරම්භ කෙරේ.
මේ වන විට මෙරට සියලු විශ්ව විද්‍යාලවල සියලුම පීඨ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු කරගෙන යන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.