27 C
Colombo
24/11/2024

කොමිසන් සභා සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් යෝජනා වේ

Share with your friends :

කොමිසන් සභා සඳහා සභාපතිවරුන් හා සාමාජිකයන් යෝජනා වී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසන් සභාව සඳහා නිමල් ජී. පුංචිහේවා මහතා , රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටබැඳි මහතා , පොලිස් කොමිසම සඳහා චන්ද්‍රා ප්‍රනාන්දු මහතා , මානව හිමිකම් කොමිසම සඳහා ජගත් බාලසූරිය මහතාද , අල්ලස් කොමිසම සඳහා විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද පත් කිරීම සඳහා යෝජනා වී තිබේ.
මැතිවරණ කොමිසන් සභාව සාමාජිකයන් ලෙස එම්.එම්.මොහමඩ්, ගුණපාල වික්‍රමගේ,ජීවන් ත්‍යාගරාජා ,කේ.පී.පී.පතිරණ යන නම් යෝජනා වී තිබේ.
රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස ,ලීලසේන ලියනගම,ටී.රුබේරු,ඩී.ගෝමස්,ඩබ්ලිව්.එච්.පියදාස,ඩී.ජයවීර,එච්.ධර්මවර්ධන,එන්.කරුණාසිරි යන නම් යෝජනාවී තිබේ.
එසේම පොලිස් කොමිසමේ සාමාජිකයන් ලෙස එස්.ලියනගම,එස්.පතිරණ,එම්.සම්සුදීන්,පී.ප්‍රනාන්දු යන අයගේ නම් යෝජනා වී තිබේ.
එසේම මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ලෙස විජිත නානායක්කාර ,චන්දන උඩවත්ත,හර්ෂ නවරත්න ,කුමාරි බලල්ල යන අයගේ නම් යෝජනාවී තිබේ.
අල්ලස් කොමිසම සඳහා විනිසුරු දීපාලි විජේසුන්දර,සී.එන්.වාකිෂ්ඨ යන අයගේ නම් සාමාජිකයන් ලෙස යෝජනා වී තිබේ. මේවා නාම යෝජනා පමණක් වන අතර ඉදිරියේදී ඒ සඳහා පත් කිරීම් සිදු කිරීමට නියමිතය.

Share with your friends :