ලබන 10 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ සඳහා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමට නියමිතය.
මේ අතර අයවැය තෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීමද දෙසැම්බර් 10 වැනිදා පස්වරුවේදී පැවැත්වීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙසද පත් කෙරෙනු ඇතැයි පැවසෙන අතර ඔහුට මෙරට ආර්ථිකයේ සුවිශේෂී කාර්ය භාරයන් රැසක් පැවරෙනු ඇතැයි සඳහන්ය.
previous post