එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම මන්ත්‍රී ධුරය දැනට මාස කීපයක සිට හිස්ව පවතී.මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වලදී බොහෝ පාර්ශව වල අදහස වී ඇත්තේ ඒ සඳහා සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුවද තීරණය කර ඇත.
එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්සන් සහිතව ලිපියක් ද භාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කළමනාකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ රැස් වී තිබේ.
previous post