පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට අසල ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ නිවෙස් හිමියා වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.
එම වෙඩි තැබූ පුද්ගලයා වෛද්‍යවරයකු බව පැවසේ. 17 හැවිරිදි පාසල් සිසුවෙකුට මෙසේ පපුවට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදු කර ඇත්තේ බෝලයක් සැකකරුගේ වත්තට ගියා යැයි උරණ වීමෙනි.තුවාල ලද සිසුවා මිතුරන් කිහිපදෙනකු සමග ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
ඔහු මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අයෙකු වන අතර දැනට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවාගේ තත්වය බරපතල නොවන බව රෝහල් වෛද්‍යවරයකු ආරංචි මාර්ග සඳහන් කරයි.වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර තිබේ.
previous post
next post