27 C
Colombo
18/01/2025

සහල් මිල දිගටම ඉහලට – අස්වැන්න එන විට අඩුවේවි – බන්දුල

Share with your friends :

සහල් මිල දිගින් දිගටම පාලනයකින් තොරව ඉහල යමින් පවතී. සහල් පාලන මිල උල්ලංඝනය කරමින් මහාපරිමාණ මෝල් හිමියන් දිගින් දිගටම කටයුතු කරමින් සිටිති.
මේ අතර සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දඹුල්ලේ දී පවසා තිබේ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පවසා ඇත්තේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවත් ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවත් ය.

Share with your friends :