ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමියෝ පත්කර තිබේ.
උන් වහන්සේ එම නිකායේ 14 වන මහනායක නාහිමියෝ වෙති. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ධුරයේ උන් වහන්සේ මීට පෙර කටයුතු කළහ. උන් වහන්සේ පසුගිය වසරේ මියන්මාරය විසින් ” අග්ග මහා පණ්ඩිත ” ගෞරව නාමයෙන් උන් වහන්සේ පුදනු ලැබීය.
රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නායක හිමිපාණන් වහන්සේ අපවත් වීම නිසා එම ධුරය පුරප්පාඩු විය.
