ලබන ජනවාරි මාසයේ මුලදී නව රාජ්‍ය ඇමතිවරුන් සිවු දෙනෙකු පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී මහින්ද සමරසිංහ මහතාට එක් නියෝජ්‍ය ඇමති ධුරයක් හිමිවන අතර එය බොහෝ දුරට මානව හිමිකම් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා වලට සම්බන්ධ රාජ්‍ය ඇමති ධුරයක් වනු ඇත. එසේම දැනට වෙනත් කැබිනට් ඇමති ධුරයක් සමග පොලීසිය භාර අභ්‍යන්තර කටයුතු රාජ්‍ය ඇමති ධුරය දරන චමල් රාජපක්ෂ මහතා තමන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් අභ්‍යන්තර කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනත් කෙනෙකුට ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම දැනට ඉහල යමින් ඇති බඩු මිල සහ ජීවන වියදම පාලනය කිරීම සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධ රාජ්‍ය ඇමති ධුරයක් ඇති කිරීමටද අවධානය යොමුවී තිබේ. එය බොහෝ දුරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ලංකා සතොස සභාපතිවරයකු නලීන් ප්‍රනාන්දු හට ලබාදීමට ඉඩ තිබේ. ඔහුගේ කාලයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට හැකිවූ අතර ඒ සඳහා එවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වූ පී.බී.ජයසුන්දර මහතා සමග ඔහු සාර්ථක වැඩපිළිවෙලක් දියත් කර තිබිණි.
next post