නව පොලිස්පතිවරයා සමබන්ධයෙන් නම් කර ඇති පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පාර්ලිමේන්තු සභාව ලබන සඳුදා රැස්වේ. එසේම මෙහිදී අභියාචනාධිකරණයේ පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයා විසින් නම් කර ඇති පුද්ගලායන් සම්බන්ධයෙන්ද පරීක්ෂා කර බැලීමටද නියමිතය.
මෙහිදී දැනට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන චන්දන වික්‍රමරත්න මහතා එම තනතුරේ ස්ථිර කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි පැවසේ. එසේම ඌව හා සබරගමු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නමද පොලිස්පති ධුරයට යෝජනා වී ඇතැයි සඳහන්ය. එසේම පොලිස්පති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමද පසුගිය දිනවල බොහෝ ස්ථාන වල කියවුනද ඔහුට ඒ සඳහා තවත් වසර එකොළහක්ම ඉතිරිව පවතින බැවින් ඉදිරි කාලයේදී ඔහුට ඒ සඳහා අනිවාර්යයෙන්ම අවස්ථාව හිමිවන බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ඉදිරි මාස තුන තුල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර හා පොලිස් දෙපාර්තමේන්තුවේ තවත් ප්‍රධානම තනතුරක් හිමිවීමට නියමිත බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු සභාව අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩග්ලස් දේවානන්ද හා කබීර් හෂීම් යන මැති ඇමතිවරුන්ගෙන් සමන්විතය.
previous post
next post