මහ බැංකු බැඳුම්කර වංචාව යටපත් වන ආකාරයක් දක්නට තිබේ. ඒ අදාළ සිද්ධියට සම්බන්ධ නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමගය.වත්මන් රජය බලයට පත්වීමට පෙර අදාල මහා බැංකු වංචාව සම්බන්ධයෙන් විශාල හඬක් නැගු අතර බලයට පැමිණි වහාම අදාල වංචාකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ප්‍රකාශ කරන ලදී.
මේ සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ පවරා ඇති එම නඩුව සඳහා ප්‍රධාන සැකකරුවෙක් වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද මේ වන විට හිටපු මහ බැංකු අධිපතිවරයා රට හැර ගොස් තිබීම මීට බලපා ඇති ප්රශ්නය ඒ බවත් අධිකරණ ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුර යෙදී විපක්ෂයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
previous post
next post