මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යලිත් ගණන් කිරීමේදීද වැඩි ඡන්ද ලබා ගැනීමට ජෝ බයිඩන් සමත්වී තිබේ. ඒ සමග ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය නීත්‍යානුකූල වී තිබේ. කෙසේ වෙතත් බයිඩන් හා ට්‍රම්ප් අතර මුල් ගණන් කිරීමේදී වැඩි ඡන්ද විසි දහසක් ලබා ගැනීමට බයිඩන් සමත් වූ අතර දෙවන වර ගණන් කිරීමේදී එම පරතරය 12284 දක්වා අඩුවී තිබේ.
දෙවැනි වර ගණන් කිරීමේදී ඡන්ද ගණන් කිරීම සිදු කරන ලද්දේ අතිනි. 1992 ට පසු ඩිමොක්රටික් පක්ෂය ජෝර්ජියා ප්‍රාන්තය ජය ගන්නට සමත් වුයේ මෙවරය.