27 C
Colombo
19/01/2025

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග , අනූෂ පැල්පිට නිදහස්

Share with your friends :

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව පනවා තිබූ සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබිය.
මේ අනුව කොළඹ මහාධිකරණය පැනවූ වසර තුනක සිර දඬුවම් හා දඩ නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද තීන්දුකර තිබේ.
ඉකුත් 2015 ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට මොවුන් වරදකරුවන් කර තිබිණී.
තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් පිළිබද තීන්දුව ලබා දෙමින් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

Share with your friends :