27 C
Colombo
24/11/2024

ඩුබායි T-10 තරගාවලියක සිද්ධියකට නුවන් සොයිසා වරදකරු බව ICC කියයි

Share with your friends :

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T-10 තරගාවලියකදී සිදු කරන ලද විෂමාකාර සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් සොයිසා වරදකරු කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව කරුණු 3 ක් සම්බන්ධයෙන් නුවන් සොයිසා වැරදිකරු වී තිබේ. නුවන් සොයිසා වැරදිකරු කර ඇතැයිද ඔහුට පනවන දඬුවම් පසුව නිවේදනය කරන බවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
42 හැවිරිදි නුවන් සොයිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති අතර කඩුලු 64 ක් දවාගෙන තිබේ. එක්දින අන්තර්ජාතික තරග 95 කදී ඔහු විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 108 කි.

Share with your friends :