27 C
Colombo
19/01/2025

ගුවන් අනතුරු වලට ලක්වූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලි අවසර

Share with your friends :

පසුගිය කාලයේ තාක්ෂණ දෝෂ නිසා ගුවන් අනතුරු දෙකකට ලක්වුණු බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලිත් පියාසර කිරීම සඳහා ඇමරිකානු ගුවන් ආරක්ෂණ බලධාරීන් අවසර ලබාදී තිබේ.
ලොව නවතම ගුවන් යානයක් වන බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා වල මෘදුකාංග දෝෂයක් පැවතීම මෙම අනතුරු වලට හේතුව බව පසුව හෙළිදරව් විය. මේ අනුව අදාල වර්ගයේ සියලුම යානා වල මෘදුකාංග වෙනස් කිරීම සිදුකර යානයේ විදුලි පද්ධති වෙනස් කර ඒවායේ නියමුවන් සඳහා පුහුණුවීම් ලබාදීමෙන් අනතුරුව නැවත මෙම යානා මගී ප්‍රවාහනයේ යෙදවීමට අවසරය ලැබී තිබේ.
ඉතියෝපියාවේදී හා ඉන්දුනීසියාවේදී මෙම යානා හේතුවෙන් සිදුවූ ගුවන් අනතුරු වලින් 346 දෙනෙකු මිය ගියහ. ලොව වැඩිම ඉන්ධන පිරිමැස්මක් සහිත ගුවන් යානයක් වන මෙම බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවල අඩු පිරිවැය හේතුවෙන් බොහෝ ගුවන් සේවාවන් එය භාවිතා කිරීමට කැමැත්තක් දැක්වීය.

Share with your friends :