27 C
Colombo
02/11/2024

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පාසල් වසා දැමේ

Share with your friends :

කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සියලු පාසල් වසා දමා තිබේ. ,මේ අනුව මින් ඉදිරියට නැවත දන්වන තුරු පාසල් දරුවන්ට ඉගැන්වීමේ කටයුතු මුළුමනින්ම ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරේ.
කොරෝනා පළමු රැල්ලේ ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම හානියට පත් නගරය වුයේ නිව්යෝර්ක් නගරයයි. එහෙත් නිව්යෝර්ක් බලධාරීන් ගේ දැඩි කැපවීම මත කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකි විය. දෙවන රැල්ලේ යම් වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කලද මරණ සංඛ්‍යාව ඉතාම අඩුවී තිබේ. නිව්යෝර්ක් නගරයේ බාර් සහ රෙස්ටුරන්ට් රාත්‍රී දහයෙන් පසු ආහාර පිටතට රැගෙන යාම සඳහා පමණක් විවෘතව පවතී.

Share with your friends :