27 C
Colombo
18/01/2025

ශ්‍රීලංකන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයෙන් පාඩුව අඩුකරන්නට බැහැ – වෘත්තීය සමිති

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාත්මක කරන්නට යන ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ සමාගමේ මුල්‍ය අර්බුදය කිසි ලෙසකින් නොවිසඳෙන බව එහි වෘත්තීය සමිති චෝදනා කරති.
එහි හය දහස් අටසියයත් හත් දහසත් අතර සේවකයන් සිටින අතර එයින් 560 ක් විශ්‍රාම ගැන්වීම කිසිසේත් ආයතනය පාඩු ලැබීම වැලක්වීමට ප්‍රමාණවත් නොවන බව වෘත්තීය සමිති පවසති. විශාල සේවක අතිරික්තයක් පැවතීම, ඉහල ශ්‍රේණිවල සේවකයන්ට විශාල වැටුප් ගෙවීම හා විශාල වරප්‍රසාද රැසක් ලබාදීම ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට මුලිකවම බලපා තිබේ.දැනට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා තීරණය කරන ලදී. මේ යටතේ සේවකයකු සඳහා වන්දිය ලෙස උපරිමය ලක්ෂ තිහක් ගෙවීමට නියමිතය.කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් දීර්ඝ කාලයක් ගුවන්තොටුපළ වසා දමා තැබීම හේතුවෙන් මේ මූල්‍ය අර්බුදය තවත් බරපතල වී තිබේ.
ඒ අනුව විශ්‍රාම ගැනීමට කැමති සේවකයන්ට වන්දි ගෙවීම සදහා රුපියල් මිලියන 939ක පිරිවැයක් දැරීමට සිදුවන බවත්, පාරිතෝෂික පිරිවැය රුපියල් මිලියන 519ක් වැය වන අතර
ඒ අනුව මුළු පිරිවැය ලෙස රුපියල් මිලියන 1,458ක මුදලක් වැය වන බවට ගණන් බලා තිබේ.
අදාළ විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනන කලාප සංවර්ධන රාජශ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇත.

Share with your friends :