27 C
Colombo
18/01/2025

අනිල් ජාසිංහ යලිත් කොරෝනා මර්ධනයට

Share with your friends :

කොරෝනා මර්ධන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යලිත් සම්බන්ධ කර ගැනීමට රජය තීරණය කර තිබේ. පළමු කොරෝනා රැල්ල මැඩපැවැත්වීමට හැකිවුයේ අනිල් ජාසිංහ ගේ ක්‍රියාමාර්ග නිසා බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඔහු එම කටයුතු වලින් ඉවත් කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා මර්ධන ක්‍රියාවලිය බිඳ වැටුණු අතර එය දෙවන කොරෝනා රැල්ලට ප්‍රධානතම හේතුව විය.
කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බව මෙහිදී විපක්ෂයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය පවසා තිබේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් වුයේ සිය කැමැත්තෙන් බවද සෞඛ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තුවේදී පවසා ඇත. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩු වී සිටිය අවස්ථාවේදී බවද මේ වනවිට නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කොට තිබෙන නිසා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බවද ඇමතිවරිය පවසා ඇත.කෙසේ වෙතත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මීට පෙර පවසා තිබුනේ සෞඛ්‍ය ඇමතිවරිය විසින් කල ඉල්ලීමක් අනුව තමන් එම තනතුරින් ඉවත්වූ බවය.

Share with your friends :