27 C
Colombo
18/01/2025

අසාර්ථක නොරොච්චෝල බලාගාරයේ මීලග අදියරේ ඉදිකිරීමත් කලින් සමාගමටම ?

Share with your friends :

දිගින් දිගටම අසාර්ථක වූ නොරොචෝලායි ගල් අඟුරු බලාගාරය වෙත මෙගාවොට් 300 ක ව්‍යාප්තියක් සඳහා චයිනා මෙශිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) සමඟ හවුල් ව්‍යාපාර ගිවිසුමක් කඩිනම් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙන ලෙස කැබිනට් මණ්ඩලය විසින් විදුලිබල අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
නොරෝචෝල ගල් අඟුරු බලාගාරයේ තුන්වන බලාගාරය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ වන විටත් වසා දමා ඇත.
මෙහි පළමු බලාගාරයේ බොයිලේරු පද්ධතිය අවස්ථා ගණනාවකදී දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේදී යලිත් නව බොයිලේරු පද්ධතියක් සවිකරන්නට සිදු විය.
දිගින් දිගටම අසාර්ථක වූ නොරොචෝලායි ගල් අඟුරු බලාගාරයේ අදියර තුනේම ඉදිකිරීම් කටයුතු සිදුකලේ චයිනා මෙශිනරි ඉංජිනියරින් කෝපරේෂන් (CMEC) සමාගම විසිනි. එසේ තිබියදී මීලග අදියරේ ඉදිකිරීම් කටයුතුද කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම එම සමාගමට ලබා දීම බරපතල කාරණයකි.

Share with your friends :