ඉහල පොලිස් නිලධාරියකුගේ දියණියක් ධාවනය කල වහනයක් කොළඹ 07 , නෙළුම් පොකුණ අසල පිහිටි ප්‍රසිද්ධ වාහන අලෙවි සැලකට සුඛෝපභෝගී වාහනයක් කඩා වැදීමෙන් ඊට බරපතල හානි සිදුව ඇත.
කෝටි ගණනක් වටිනා මෙම සුඛෝපභෝගී වාහනය පදවා ඇත්තේ බස්නාහිර පළාතෙන් ඉහල පොලිස් අධිකාරිවරයකුගේ දියණියක් බව පැවසේ. ඇයට රියදුරු බලපත්‍රයක් පවා නැතැයිද පරීක්ෂණවලදී හෙලිව ඇත.අනතුර සිදු වූ වහාම එම වාහනයේ අංක තහඩු ගලවා ඉවත් කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට පසුව ඇප ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවය.
පසුගිය වසරේ පෙබරවාරි මස බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගැටී මියයාමට හේතුවූ ඩිෆෙන්ඩර් රිය පදවා තිබුණේ ද අදාළ අනතුර සිදුකළ තරුණියගේ සහෝදරයා විසිනි.