27 C
Colombo
02/11/2024

කොළඹ නගරය සති තුනක් වසන්නැයි නගරාධිපතිනියගෙන් රජයට ඉල්ලීමක්

Share with your friends :

කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දමන්නැයි රජයෙන් ඉල්ලා සිටීන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එසේ නොකළහොත් මරණ ගණන වැඩි වනු ඇතැයි කියා සිටී.
ඇය පෙන්වා දෙන්නේ කොළඹ නගර සභා බලබල ප‍්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවයි.
කොළඹ නගර සභා සීමාව දැඩි සංචරණ සීමා යොදා පාලනයට යටත් කර කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ලෙස දැඩි පාලනය කර මෙය සිදු කළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය.එසේ නොකළහොත් විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න රටක් ලෙස සිදුවන බවද මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යනවා මිස අඩු නොවන බවද ඇය පැවසුවාය.
කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වන වයස්ගත පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ බව ද සඳහන් කරන නගරාධිපතිනිය ඔවුන් බේරාගත හැකි දැයි යන්න අද වනවිට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් කියා සිටී.
නිවසටම වී සිටින්නයි කොපමණ කිව්වද පැල්පත්වාසීන්ට එසේ කිරීමේ හැකියාවක් නැතැයිද වසා දැමු ප්‍රදේශවල ජනතාව රැකියා වලට ගොස් ඇතැයිද තව දුරටත් පෙන්වා දෙයි.

Share with your friends :