ශ්‍රීලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රීලාංකිකයන් මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල නැවත ආරම්භවී තිබේ.
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවා තිබිණි. නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
විදේශ රටවල පදිංචි ලාංකිකයින්ට මෙම වැඩපිළිවෙළ ගැන වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතා ලබා ගැනීම හෝ https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’ සජීවි අන්තර්ජාල පිවිසුම වෙත පිවිසෙන්නැයිද අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
previous post