27 C
Colombo
24/11/2024

කොරෝනා නිසා වරායේ සේවකයන් නොමැතිවීමෙන් ආනයන අපනයන කටයුතු වලට බාධා

Share with your friends :

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය තරම් සේවකයන් නොමැතිවීම නිසා කොළඹ වරායේ කටයුතු ප්‍රමාදවීමෙන් මෙරට ආනයන අපනයන කටයුතු වලට බාධා සිදුව තිබේ.
මේ හේතුවෙන් නැව් 14ක් පමණ දින ගණනාවක් තිස්සේ වරායෙන් පිටත නැංගුරම් ලා තිබේ. මේ හේතුවෙන් මෙරට කර්මාන්තශාලා ඇතුළු ප්‍රධාන කාර්යයන් සඳහා ගෙන එන ලද නැව් භාණ්ඩද ලැබීම ප්‍රමාද වී තිබේ.
වරායේ සේවක පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම හා ඒ හේතුවෙන් තවත් පිරිසක් නිරෝධායනයට යොමු කර සිටීම, හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිටින සේවකයන් සේවයට ගෙන්වා ගැනීමට නොහැකිවීම නිසා වරාය කාර්ය මණ්ඩලය සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවීම මේ තත්වයට බලපා තිබේ.
මේ හේතුවෙන් විශ්‍රාමික සේවකයන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය තීරණය කර ඇත.

Share with your friends :